Sunday, May 19, 2024

General line - 0115112241

වතුර බෝතලයක් ඉල්ලා පැමිණි කාන්තාවන් සිව්දෙනෙකුට නිරුවත් කර පහර දෙයි (VIDEO)




වතුර බෝතලයක් ලබා දෙන ලෙස ඉල්ලා වෙළෙඳසැලක් තුලට පැමිණි කාන්තාවකට ඇතුළුව කාන්තාවන් සිව්දෙනෙකුට නිරුවත් කොට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් පොලිසිය පවසනවා.

පාකිස්ථානයේ, ෆයිසලාබාද් හි පිහිටි "Bawa Chak” වෙළෙඳ සංකීර්ණයේ ඉවතලන ද්‍රව්‍ය රැස් කිරිම සඳහා පැමිණි කාන්තාවන් සිව්දෙනෙකු මේ අවසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

ඉවතලන ද්‍රව්‍ය රැස් කරනු ලබන කාන්තාවක් විසින් "Bawa Chak” වෙළෙඳ සංකීර්ණයට ඉකුත් සඳුදා උදෑසන පැමිණ ඇති අතර එහිදී තවත් කාන්තාන් තිදෙනෙකු සමග එක්ව සුපුරුදු පරිදි ඉවතලන ද්‍රව්‍ය එකතු කරමින් සිට ඇත.

සිය කාර්ය්‍ය කරමින් සිටියදී ඇතිවූ පිපාසය නිසා අසල පිහිටි වෙළෙඳසැලක් තුලට ගොස් එහි හිමිකරුගෙන් බිමට වතුර බෝතලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

එහිදී එම වෙළෙඳසැලේ හිමිකරු විසින් ඇය සොරකම් කිරීමේ අරමුණින් පැමිණි බවට චෝදනා කරමින් එහි සිටි සිය සහයකයින් සමග එක්වී මෙම කාන්තාවන් සිව්දෙනා නිරුවත් කොට පහරදී ඇති බවයි සිදුවීමට මුහුණ දුන් එක් කාන්තාවක් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

එම පිරිස් තමන් ඇතුළු කාන්තාවන්ට පුරා පැයකට ආසන්න කාලයක් පහර දෙමින් තමන් නිරුවත්ව සිටිනා අයුරු වීඩියෝ කළ බවට ද පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පන්ජාබ් පොලිසිය විසින් දැනට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සියලුම සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන බවයි පන්ජාබ් පොලිසිය සඳහන් කර සිටින්නේ.

මෙවැනි පහරදීම් සහ ජනතාව විසින් නීතියට අතට ගැනීමට යෑමේ අවස්ථා රැසක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

එහි ආසන්නතම සිදුවීම වුයේ ආගමික අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් මැර පිරිසක් විසින් මිට දින කිහිපයකට පෙර සියා ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් වන ප්‍රියන්ත කුමාරට ඉතා අමානුෂීය ලෙස පහරදී ඝාතනය කෙරුණා.