Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය අනතුරට ලක්වේ




ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වන අවසථාවේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගේ පවුලේ සමිපතයින් කිහිප දෙනෙකු ද එහි සිට ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටරයක් බව සඳහන්.

අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

අනතුරෙන මියගිය අයවළුන් ගේ අනන්‍යතාවය මේ දක්වා හෙළිකර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.