Sunday, May 19, 2024

General line - 0115112241

බූස්ටර් මාත්‍රාවෙන් ඕමික්‍රෝන් මට්ටු කළ හැකි බව ෆයිසර් කියයි




ඕමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඵලදායී ආරක්ෂාවක් ලැබෙන බව ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසනවා. වෙනත් කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව එන්නත් මාත්‍රා දෙකකින් සපයන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ඕමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නත් මාත්‍රා තුනක් මගින් ලබා ගත හැකි බවයි ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

ඕමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ සිදුකළ කෙටි අධ්‍යයනයකින් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා විසින් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. 

මෙය ඕමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව කොවිඩ් එන්නත්වල කාර්්‍යක්ෂමතාවය පිළිබඳ එන්නත් නිෂ්පාදකයින් සිදු කළ පළමු නිල ප්‍රකාශය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් තවදුරටත් දත්ත රැස් කරමින් ඕමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නත් සඵලතාවය ඇගයීමට ලක් කරන බව ෆයිසර් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.