Sunday, May 19, 2024

General line - 0115112241

වසංගතයේ ගමන් මග වෙනස් විය හැකියි : WHO ඔමික්‍රෝන් ගැන අනතුරු අඟවයි




ඔමික්‍රෝන් ප්‍රභේදයේ ගෝලීය කොවිඩ්-19 වසංගතයේ ගමන් මගට විශාල බලපෑමක් ඇති කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus ප්‍රකාශ කර සිටිනවා. ඔහු සඳහන් කර සිටින්නේ නව ප්‍රභේදයේ පවතින දැඩි විකෘති භාවය හේතුවෙන් වෛරසය සම්ප්‍රේෂණය වීම ඇතුළු ඇතැම් කරුණු අනුව ඉදිරියේදී වෛරස ගමන් මගට බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි.

"කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ස්ථාවරත්වයක් දැකීමට පටන් ගෙන ඇතත්, දැනට අනෙකුත් ප්‍රභේදවලට සාපේක්ෂව ආසාදිතයින් වැඩිවීමේ හැකියාව නිශ්චිතව පැවසීම දුෂ්කරයි. දකුණු අප්‍රිකාවෙන් දැනට ලැබෙන දත්ත මගින් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා මිට එය සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි බව සඳහන් කර තිබෙනවා. නමුත් ස්ථිර නිගමනවලට එළැඹීමට තවත් දත්ත අවශ්‍ය වෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් රටවල් 57ක පවතින බැවින්, එය පෙර පැවති ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අනතුරු අඟවා සිටියේ.

ඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට ඇතැම් දත්ත උපයෝගී කරගෙන විද්‍යාඥයින් සඳහන් කර සිටියත් ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹීමට මෙය කාලය නොවන බවයි WHO විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

WHO හි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පවසන පරිදි, වෛරසයේ පරිණාමීය ස්වභාවය අනුව එය විකෘති වනවිට එය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි වුවද, මේ තත්ත්වය තුළ වෛරසයේ දරුණු බව අඩුවන බව සෘජුවම ප්‍රකාශ කළ නොහැකි. මෙවැනි විකෘතියක් මෘදු හෝ වඩා මාරාන්තික බවට හැරෙන්නේද නැද්ද යන්න අහම්බයක් බව ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියේ ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ගෝලීය වසංගත රෝග දත්ත පැමිණීමට, විශ්ලේෂණය කිරීමට සහ ඕනෑම ස්ථිර නිගමනවලට එළඹීමට තවත් දින හෝ සති කිහිපයක් අවශ්‍ය බවයි.