Sunday, May 19, 2024

General line - 0115112241

විදේශ සංචිත ගැන මැති සබයේදී අනාවරණයක් - විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන දහසක් දක්වා පහලට




නොවැම්බර් මාසය වන විට මෙරට නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලයන 1,587ක් වන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉකුත්දා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්ණයකට අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින්.

ඒ අනුව මේ වන විට මෙරටට ඇති විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,009යි දශම 5ක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා රටවල් කිහිපයක් සමග ගිවිසුම්වලට එලඹීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එහිදී සඳහන් කළා.

මෙරට ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ග මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවල සහ නාවික හා ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි ආදායම් මාර්ග වැඩි කර ගැනීමට ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.