Sunday, May 19, 2024

General line - 0115112241

යුගදනවි ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්




කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අදාල ගිවිසුම සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරනු ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේද නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.