Sunday, May 19, 2024

General line - 0115112241

වයඹ ආණ්ඩුකාර ධුරය කරන්නාගොඩට




වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්. මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ ඉන් අනතුරුව ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළා. 

වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණේ රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් එම තනතුරේ ඇති වූ පුරප්පාඩුව සදහායි.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.