Sunday, May 19, 2024

General line - 0115112241

බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්




උස්බෙකිස්තානයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට ශ්‍රීමාලි සමරකෝන් අද සමත් වුණා. 

ඒ, කාන්තා කිලෝග්‍රැම් 45 බර පන්තියෙන්. ඇය මෙම ඉසව්වේදි ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 58 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 78 ක බරක් ඔසවමින් සමස්ත බර ලෙස කිලෝග්‍රෑම් 136 ක් එසවීමට සමත් වුණා. 

ශ්‍රීමාලී සමරකෝන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරණ අධ්‍යයන අංශයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් වනවා.

2019 දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින් රිදී පදක්කමක් දිනාගත් ඇය 2015 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ද රිදී පදක්කමක් දිනාගත්තා. 

2016 යොවුන් ලෝක ශූරතාවලියේ  14 වන ස්ථානය ලබා ගැනීමට ද ශ්‍රීමාලි සමරකෝන් සමත් වුණා.