Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සහ වාහන ආනයනය ලබන වසරේදීත් නවතී




විදේශ විනිමය ගැටළුවක් පැවතුනද රට තුළ ආහාර හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා. 

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලබන වසර තුළ රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් වාහන ආනයන සීමාවන්ද එලෙසම ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යවරයා සදහන් කළා. 

කොළඹදී අද පැවති කිරිගොවි සම්මේලන රැස්වීම අමතමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙම අදහස් පළ කළා.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ.

නොවැම්බර් මාසය වන විට මෙරට නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,587ක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. 

ඒ අතරින් පවතින විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,009යි දශම 5ක් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළා.