Sunday, May 19, 2024

General line - 0115112241

ඇමතිකම ඔට්ටුවට තබා අලි සබ්රි විපක්‍ෂයට දුන් අභියෝගය




නීතිපති දෙපාර්තමේන්තුවට තමන් බලපෑම් කර ඇතැයි ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධුරය අත්හරින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පහලොස්වන දිනය වූ අද, අධිකරණ, තරුණ හා ක්‍රීඩා, තාක්ෂණ, සංවර්ධණ සම්බන්ධීකරණ හා අධීක්ෂණ යන අමාත්‍යාංශවල සහ ඊට අදාල රාජ්‍ය අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබද විවාදයට එක්වෙමින්. 

එම විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනාවලට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රතිචාර දැක්වීමත් සමග සභාවේ උණුසුම් වාද විවාද ඇති වුණේ මෙලෙසයි.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විවාදයේ පිළිතුරු කතාව කරමින් මෙලෙස අදහස් පළ කළා.