Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දිය ගොවි විරෝධතාව නතර කරයි




ලෝකයේම අවධානය දිනා ගනිමින් පැවති ඉන්දිය ගොවි විරෝධතාව නතර කළ බව ගොවි වෘත්තිය සමිති පවසනවා.

ඒ, වසරකට අධික කාලයක් ගොවීන් දහස් ගණනක් දිල්ලි අගනුවර සීමාවේ රැදී සිටිමින් කළ විරෝධතාව අවසන් කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින්.

ගොවීන් මේ බව පැවසුවේ ආන්දෝලනයට තුඩු දුන් කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ අතහැරීමට ඉන්දිය රජය එකගතාව පළ කර සතියකට පසුවයි. ඒ අනුව හෙට සිට තමන් යළි නිවෙස් වෙත යන බවයි ඉන්දිය ගොවීන් පවසන්නේ.

මෑත ඉතිහාසයේ ඉන්දිය රජයට එල්ලවූ දැවැන්තම අභියෝගය වූයේ මෙම ගොවි විරෝධතාවයයි. ඉන්දිය රජය ගෙන ඒමට සැලසුම් කළ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ හරහා කෘෂිකර්මාන්තයට පෞද්ගලික අංශයේ බලපෑම දැඩිවන බවටයි ගොවීන් චෝදනා කළේ.