Monday, May 20, 2024

General line - 0115112241

බදුල්ල බන්ධනාගරයේ ගැටුම ගැන විමර්ෂණයක්

පාලිත ආරියවංශ




බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් අතර ගැටුමක් හට ගත් ගැටුමකින් තුවාල ලැබූ සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම ගැටුම හටගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ රැදවියන් සඳහා රාත්‍රී ආහාර වේල බෙදන අවස්ථාවේදීයි. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී මඩකලපුව කිතුණු දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් සහ තවත් රැදවියන් පිරිසක් අතර ගැටුම හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

එහිදී තුවාල ලබා ඇත්තේ  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු සහ වෙනත් රැදවියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය බදුල්ල බන්ධානාගාරයේ අධිකාරීවරයාට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ෂණයක් සඳහා බදුල්ල බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් ජේලර්වරයෙකු පත් කර තිබෙනවා.  ඊට අමතරව බදුල්ල පොලිසිය මගින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරනවා.