Sunday, May 19, 2024

General line - 0115112241

කොටදෙණියවේ සත්ත්ව ගොවිපළක ගින්නකින් කුකුළන් 8,200 ක් මරුට




කොටදෙණියාව - වරාගල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක අද උදෑසන හටගත් ගින්නකින් එහි සිටි කුකුළන් 8,200 ක් පමණ මියගොස් තිබෙනවා. මීගමුව සහ ගම්පහ ගිනි නිවන ඒකක මඟින් මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එම ගොවිපළේ බිත්තර රකිමින් සිටි කිකිළියන් සහ කුළන් ද සිටි බව පොලීසිය සඳහන් කළා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 05 ක් යොදාගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අක්කර 18 ක පමණ කුකුළු ගොවිපළක මෙම ගින්න හටගෙන තිබෙනවා.