Monday, May 20, 2024

General line - 0115112241

සඳුදා තැපැල් වර්ජනයක්




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අනිද්දා සිට පැය 32 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. 

තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර කියා සිටියේ ලබන සඳුදා පස්වරු 04 සිට පසුදින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි. 

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන සදුදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.