Monday, May 20, 2024

General line - 0115112241

අහසට වෙඩි තබා බොරැල්ලේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි




බොරැල්ල - මරදාන පාරේ පිහිටි ස්වර්නාභරණ අලෙවිසැලක් අද පස්වරුවේ කොල්ලකා තිබෙනවා. සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු අහසට වෙඩි තබා එම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

එම ස්වර්නාභරණ අලෙවිසැලේ සිටි සේවකයින් සහ ගණුදෙනුකරුවන් බිය ගන්වා සැකකරුවන් රන් භාණ්ඩ රැගෙන පළා ගොස් තිබෙනවා. රන් භාණ්ඩ කොල්ලකෑමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා රාජගිරිය ප්‍රදේශයට පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය පිළිබඳව බෙැරැල්ල පොලීසිය මඟින් විමර්ශණ ක්‍රියාත්මකයි.