Friday, May 10, 2024

General line - 0115112241

ඉන්ධන සැපයුමත් අර්බුදයක - මිල වැඩි කරන්න යෝජනා




ඉන්ධන මිල වැඩි නොකළ හොත් රටේ දැවැන්ත ඩොලර් අර්බුදයක් මතු වන බව මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් තිස් පහකින් ද, ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් ද වැඩි කළ යුතු බවටයි මහබැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ. 

එසේ නොවුනහොත් ඉන්ධන මිළ ඉල්ලුම පාලනය කර ගත නොහැකිව රටේ දැවැන්ත අර්බුදයක් ඇතිවිය හැකි බව මහබැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට දන්වා ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ද සඳහන් කළේ.

ඉන්ධන මිලදී ගැනීම සදහා ඩොලර් සොයාගැනීමේ දැඩි අර්බුදයක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙරටට බොරතෙල් ආනයනය කිරීමද ගැටළුකාරී තත්ත්වයක පවතින බවත් ණයට බොරතෙල් ලබාගැනීමට සැලසුම් කරමින් ඇති බවත් එසේ නොවුනහොත් යළි සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවා.