Tuesday, May 7, 2024

General line - 0115112241

නත්තල අභියස බ්‍රිතාන්‍යය දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි




එළඹෙන නත්තල් සමය ඉලක්ක කර ගනිමින් නව කොවිඩ් නීති හඳුන්වාදීමේ හැකියාවක් මතුව ඇතැයි බ්‍රිතාන්‍යය පවසනවා. 

එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ පනවන නව රෙගුලාසි සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. 

සෑම සියලු තත්ත්වයක්ම පරීක්ෂා කරන බවත්, පැයෙන් පැයට ලැබෙන දත්ත සමාලෝචනය කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ. 

කෙසේවෙතත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැඩි සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසටයි.

ඊයේ දිනයේ පමණක් බ්‍රිතානයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91,743 ක්. 

එය එරටින් දිනක් තුළ වාර්තා වූ දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. පවතින තත්ත්වය සලකා රජයේ ජේ්‍යෂ්ඨ උපදේශකයින් පවසා ඇත්තේ හැකි ඉක්මනින් නව සීමා පැනවීම අත්‍යවශ්‍ය බවයි. 

නව සීමා පැනවුවහොත් එය බි්‍රතාන්‍ය පාළක පක්ෂයට දේශපාලනික වශයෙන් බලපානු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් මේ අතරතුර පවසන්නේ.

මේ අතර ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙනවා. 

ඒ, අබුඩාබිහි පැවති තරඟාවලියකට සහභාගී වී පැමිණීමෙන් අනතුරුව සිදුකළ කොරෝනා පරීක්ෂණයකදීයි.