Saturday, May 11, 2024

General line - 0115112241

සිරකරුවන්ට ගෙදරින් බත් පාර්සලයක් 




මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුගේ ඥාතියෙකු හෝ සිරකරු නම් කරන වෙනත් අයෙකු විසින් රැගෙන එනු ලබන බත් පාර්සලයක් හෙට සිට ලබන 27 වනදා දක්වා ඉරිදා දින හැර අනෙකුත් දිනවලදී ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

මීට අමතරව සිරකරුවන්ට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර ආපනශාලාව හරහා ලබාදීමට ද හැකි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ. 

මීට අමතරව නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරය තුළ සිදු කරන ආගමික දේවමෙහෙයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.