Monday, May 13, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීරණය පස්වරුවේ




බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. 

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් බස් සංගම් නියෝජිතයින් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අතර මේවනවිටත් පැවැත්වෙන බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.  

කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යංශය විසින් බස්රථ හිමිකරුවන් සඳහා සහනාධාරයක් ලබාදෙන්නේ නම් බස් ගාස්තු වැඩි කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. 

මේ අතර පෞද්ගලික බස්රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට තමන් කර තිබූ යෝජනාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අවදානය යොමුවී ඇති බව ද පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා. 

බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් තමන්ට සහනයක් ලබානොදෙන්නේ නම් අවම බස් ගාස්තුව රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි.  සෙසු බස් ගාස්තු ද සියයට 25 කින් ඉහළ දැමිය යුතු බව බස් සංගම් එහිදී ප්‍රකාශ කළා.