Friday, May 3, 2024

General line - 0115112241

වැටුප් අවශ්‍ය නම් එන්නත් කාඩ්පත දෙන්න කියයි




කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැටුප් ලබා ගැනීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට පන්ජාබ් ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පන්ජාබ් ප්‍රාන්ත රාජ්‍ය මේ සම්බන්ධයෙන් වන නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර වැටුප් ලබා ගැනීම සඳහා ප්‍රාන්තයේ සේවය කරනු ලබන රාජ්‍ය සේවකයින් රජයේ නිල වෙබ් අඩවියට සිය එන්නත්කරණ කාඩ් පතේ ජායාරූපයක් යොමු කළ යුතු බවට එහි සඳහන් කර ඇත.

මෙහිදී එක් කොවිඩ් මාත්‍රාවක් හෝ පුර්ණ එන්නත්කරණයට ලක් වුවන් ගේ එන්නත් කාඩ් පතේ ජායාරූපයක් යොමු කළ හැක.

කෙසේ වුවත් එන්නත් ලබා නොගත් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රාන්ත රජය විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඉන්දියාවෙන් අද දිනය වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 213 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ.