Friday, May 10, 2024

General line - 0115112241

කොළඹ අහසේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ යයි




කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

එහි පරිසර අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ මෙම තත්ත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවයි. 

දැනට පවතින සුළං රටාවේ වෙනස්වීම් අනුව එම තත්ත්වය පැවතිය හැකි කාලය තීරණය වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.