Monday, May 6, 2024

General line - 0115112241

පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්




පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දැරූ කර්මාන්ත ශාලාවේ තනතුර සදහා ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගෙ නියෝජිතයෙක් සහ ආගමික නායකයෙක් සමග පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම පැවති හමුවකදීයි ඒ බව අනාවරණ වී ඇත්තේ. 

ඉකුත්දා එම කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ප්‍රියන්ත කුමාර ඝාතනයට ලක් කර තිබුණා.