Saturday, May 11, 2024

General line - 0115112241

තිරුක්කෝවිල් පොලිසියේ සිදුවු වෙඩි තැබීමෙන් තවත් නිලධාරියෙක් මරුට




තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. 

එලෙස මිය ගිය ගොස් ඇත්තේ කල්මුණේ අෂ්රෆ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙක්. 

ඒ අනුව ඊයේ රාත්‍රීයේ සිදුවූ එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිලධාරින් ගණන හතර දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරියෙකු කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.