Tuesday, May 14, 2024

General line - 0115112241

නත්තල් සති අන්තයේ ගුවන් ගමන් 4,500කට ඕමික්‍රෝන් හරස් වෙයි




නත්තල් සති අන්තයේ ලොව පුරා ගුවන් ගමන් 4,500ක් පමණ අවලංගු වී තිබෙනවා. ඒ ඕමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග නත්තල් නිවාඩු සමයේ සිය රටබලා යන ගුවන් මගින් සහ සංචාරකයින් විශාල පිරිසකට බලපෑම් එල්ල වීමයි. 

මේ හේතුවෙන් නත්තල් දිනයේදී පමණත් සැලසුම් කර තිබූ ගුවන් ගමන් වාර 2,100ක් පමණ අවලංගු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර ඉන්දියාවේ හදුනාගත් ඕමික්‍රෝන් ආසාදිතයින් ගණන 415ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතරින් 108 දෙනෙකු වාර්තා වී ඇත්තේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන්.  

කෙසේවෙතත් වාර්තා වී ඇති ඕමික්‍රොන් ආසාදිතයින් 415 දෙනාගෙන් 115 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.