Friday, May 3, 2024

General line - 0115112241

සුනාමියේ අඳුරු මතකයට වසර 17 යි - මියගිය පිරිස් සිහි කරමින් අද රටපුරා වැඩසටහන්




ජීවිත 30,000 කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට වසර 17 ක් සපිරෙනවා. සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. 

සුනාමිය ශ්‍රී ලංකාවට කඩා වැදුණේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදායි. මෙම ව්‍යවසනයේදී පුද්ගලයින් 30,000 කට වැඩි පිරිසක් මියගිය අතර තවත් 5,000 කට වැඩි පිරිසක් අතුරුදන් වූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මෙම ව්‍යවසනය සිහිකිරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සුරක්‍ෂිතතා දිනය ලෙස නම් කිරීමටද ශ්‍රී ලංකාව පසුව තීරණය කළා. 

අද පෙරවරු 9 යි 25 සිට 9 යි 27 දක්වා විනාඩි දෙකක කාලයක් ජාතික නිහඬතාවක් ප්‍රකාශ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබුවන් සිහිකරමින් ඊට එක්වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කිරීම සඳහා රටපුරා අද සංවිධාන කර ඇති සෙසු වැඩසටහන් පිළිබඳව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙලෙස අදහස් පළ කළා.

2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කර ගනිමින් එවැනි ව්‍යසනයක් යළි ඇති නොවීම සදහා මේ වනවිට පියවර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.