Friday, May 3, 2024

General line - 0115112241

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්




සිය ඉල්ලීම්වලට අද දිනයේ විසදුම් නොලැබුණහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වෘත්තිය සමිති එක්කර ගනිමින් දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. 

දුම්රිය ස්ථානාධිපතිවරු ඉකුත් 24 වනදා ආරම්භ කළ වර්ජනය මේ වන විට ක්‍රියාත්මක අතර මේ හේතුවෙන් පාර්සල් භාරගැනීම හෝ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුවන්නේ නැහැ. මේ, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න.

සිය සංගමය දුම්රිය බලධාරීන් වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳවද ඔහු මෙලෙස අදහස් පළ කළා.