Friday, May 3, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඩැහැගන්න ඉන්දියාවෙන් අලුත් ඇමක්




ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දිය තෙල් සමාගම එක්ව නව සමාගමක් ස්ථාපිත කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා විසින් ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිඛිත නියෝගයක් කර ඇතැයි ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා. 

කැබිනට් පත්‍රිකාවක් හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මෙය ස්ථාපිත කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා දැනුම්දී ඇති බවයි ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ.

නව සමාගමක් ස්ථාපිත කිරීම හරහා තෙල් ඒකාධිකාරයෙන් රජය ඉවත්වීමේ අවධානමක් මතුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඛණිජ තෙල් පොදු සේවක සංගමය සිදුකරන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් මෙලෙස විමසීමක් කළා.