Friday, May 3, 2024

General line - 0115112241

ජනතාවට නොදුන් ගාල්ලේ සුනාමි නිවාස වල් වදී




සුනාමිය සිදුවී අදට වසර 17 ක් ගතවී ඇතත්, ඉන් නිවස සහ දේපළ අහිමිවූ ජනතාව වෙනුවෙන් සෑදූ නිවාස රැසක් ජනතා අයිතියට පත් නොකිරීමෙන් එම නිවාස වල් වැදී ඇතැයි ජනතාව චෝදනා කරනවා. 

ගාල්ල, දඩල්ල අයි ඩී එච් වත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස කසල බැහැර කරන ස්ථානයක් බවට ද පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.