Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රංශයේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණනත් ලක්ෂය ඉක්මවයි




යුරෝපය තුළ තවදුරටත් ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ හමුවේ අවදානමට ලක්ව ඇති රටවල් අතරට ප්‍රංශය ද අයත් බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයත් සමග ප්‍රංශයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට ලක්ෂය ඉක්මවා තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේදී එරටින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 4, 611 දනෙකු වාර්තා වීමත් සමගයි. 

ප්‍රංශයෙන් හඳුනා ගැනෙන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ යාමට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 
කෙසේවෙතත් පවතින අවදානම් තත්ත්වය හමුවේ රෝහල් පද්ධතිය බිඳවැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රංශ රජයේ දැඩි අවදානය යොමුව තිබෙනවා. ඒ හමුවේ නව කොරෝනා සීමා පැනවීමටයි අවදානය යොමුව ඇත්තේ. 

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. 

යුරෝපා රටවල් රැසකින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

නත්තල් උත්සවය හේතුවෙන් කොරෝනා සීමා පැනවීම ප්‍රමාද කළ රටවල් රැසක් මේවනවිට ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.