Friday, May 3, 2024

General line - 0115112241

සුනාමියෙන් මියගිය පිරිස් සිහිකරමින් රටම විනාඩි 02 කට නිහඬ වෙයි




මීට වසර 17 කට පෙර අදවන් දෙසැම්බර් 26 වනදා දිනක ශ්‍රී ලංකාවට කඩාවැදුණු සුනාමිය නිසා අහිමි වූ ජීවිත සිහිකරමින් රටපුරා අද විවිධ වැඩසටහන් සිදු කෙරුණා. 

ප්‍රධාන අනුස්මරණ වැඩසටහන පැවැත්වුණේ හික්කඩුව පැරෑලිය දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ පිහිටි ස්මාරකය අභියසදීයි. 

එම අවස්ථාවට මියගිය අයගේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.
 

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහිකරමින් මාතර දිස්ත්‍රික්කයේ ද විවිධ අනුස්මරණ වැඩසටහන් පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද සඳහන් කළේ. 

සුනාමියෙන් මියගිය පුද්ගලයින් සිහපත් කරමින් හම්බන්තොට ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිටදී ද අද අනුස්මරණ වැඩසටහනක් පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සනත් ගමගේ ගෙන්. 

හැටන් ප්‍රදේශයේ ජනතාව ද අද විනාඩි දෙකක නිශ්ෂබ්දතාවක් පවත්වමින් සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහිපත් කළා. 

සිංහල, දෙමළ හා මුස්ලිම් සියළු ජන කොටස් එක්ව හැටන් නගරයේදී පහන් දල්වා සුනාමියෙන් මියගිය අයට පින් අනුමෝදන් කිරීමටද කටයුතු කළ බවයි නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත්  රාජපක්‍ෂ පැවසුවේ.

අම්පාර දිස්ත්‍රික්කයේද සියළු ජාතිකයන් එක්ව සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහිකළා. ස්ථාන කිහිපයකම එවැනි අනුස්මරණ වැඩසටහන් පැවති බවයි නෙත් නිවුස් පැවසුවේ.

වව්නියාව, කන්දසාමි කෝවිල ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයකද සුනාමියෙන් මියගිය අය සිහිකරමින් අද විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා.