Friday, May 3, 2024

General line - 0115112241

කොංගෝ රාජ්‍යයේ නත්තල් සැමරුමකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්




කොංගෝ රාජ්‍යයේ බෙනී නුවර පිහිටි අවන්හලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ නත්තල් දිනය යෙදී තිබුණු ඊයේ දින රාත්‍රී කාලයේදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. 

ප්‍රහාරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අවන්හල පාරිභෝගිකයින්ගෙන් පිරී පැවති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඔවුන් නත්තල් උත්සවය සමරමින් එක් රැස්ව සිටි පිරිස්. 

ප්‍රහාරය සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු අවන්හල තුළට පිවිසීමට උත්සහ දැරීමේදී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔහු ඊට ඇතුළුවීම වළක්වා තිබෙනවා. එහිදී බෝම්බකරු අවන්හලේ පිවිසුම අසලදී බෝම්බය පුපුරවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මතෙක් කිසිඳු පාර්ශවයක් විසින් භාරගෙන නැහැ. 

කොංගෝ බලධාරීන් පවසන්නේ අයි එස් සංවිධානයට අනුබද්ධ එරට ක්‍රියාත්මක සටන්කාමීන් කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.