Friday, May 3, 2024

General line - 0115112241

මෙරට ඉතිහාසයේ පළමු වරට වායුගෝලයේ දත්ත සොයන මෙවලම් සහිත බැලුනයක් උඩුගුවනට




ඉහළ වායුගෝලයේ පවතින විවිධ සංඝටක මෙන්ම කාලගුණික දත්ත ඇතුළු දත්ත රැසක් පිළිබඳ ගවේෂණය කිරීම සඳහා චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ඇති හැකියාව සොයා බැලීමේ මෙවලම් ගුවන් ගත කිරීම දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. 

ඒ, රජයේ හා පෞද්ගලික විශ්ව විද්‍යාල 17 ක සිසුන්ගේ සහභාගීත්වයෙන්. 

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රමුඛ ආචාර්යවරුන් රැසකගේ අධීක්ෂණය යටතේ ප්‍රථම වරට බැලුනයක් ආධාරයෙන් මෙම තොරතුරු රැස්කරන පද්ධතිය ගුවන් ගත කෙරුණා. 

විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන එම ක්‍රියාවලිය රටක් ලෙස ඇගයීමට ලක් කළ යුතු බවයි මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.