Tuesday, May 7, 2024

General line - 0115112241

ලොව උඩුයටිකුරු කරන නව වෛරසයක් සයිබිරියාවෙන්, ආසියාවට සුනාමි අවදානමක් : 2022 වර්ෂය වෙනුවෙන් බාබා වැන්ගා ගේ අනාවැකි




2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට "බෙල්කන් හි නොස්ට්‍රඩමස්" යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. 

බාබා වැන්ගා විසින් 2022 වසර සඳහා පළකර ඇති අනාවැකි අනුව සයිබීරියාවේ හිමමත තිබෙන මෙම වෛරසය පර්යෙක්ෂකයින් විසින් සොයා ගැනෙනු ඇති බවත් එය මනුෂ සංහතියට දැඩි තර්ජනය ගෙන දෙනු ලබන වෛරසයක් වන බවයි ඇය විසින් සඳහන් කර ඇත්තේ.

ඩයනා කුමරියගේ මරණය, 9/11 දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයේ ඉවත්වීම ඇතුළු අනාවැකි රැසක් පළකර සිටි බාබා වැන්ගා 1911 වර්ෂයේදී බල්ගේරියාවේ උපත ලැබූ කාන්තාවක් වනවා. ඇය කුඩා කාලයේදී ටෝර්නේඩෝවකට හසුවීමෙන් අතුරුදහන්වී පැය කිහිපයකට පසුව ගම්වැසියන් විසින් සොයා ගනු ලැබූ අතර, එතැන් පටන් ඇය ගේ දෙනෙත් අන්ධ විය.

තමාව දුවිලි කුණාටුවකින් ඔසවා ගෙන ගිය බවත් එහිදී කවුරුන් හෝ තමන්ට කතා කරන ශබ්දය ඇසුණු බව පැවසූ බාබා වැන්ගා අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අනාවැකි පළකිරීමේ හැකියාව තමන් සතුව බව ප්‍රකාශ කර සිටියා.

පළමුව ඇයගේ එම ප්‍රකාශය ගම්වැසියන් විසින් හාස්‍යට ලක් කෙරුණද පසුව ඇය විසින් පලකරනු ලැබූ අනාවැකි එකිනෙක සැබෑ වීමත් සමග ඇයට "බෙල්කන් හි නොස්ට්‍රඩමස්" යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා.

1996 වර්ෂයේදී මියගිය බාබා වැන්ගා විසින් වර්ෂ 5079 දක්වා ලෝකය තුල සිදුවිය හැකි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා. මේ එළඹෙන 2022 වර්ෂය සඳහා ඇය විසින් පළකර තිබෙන අනාවැකි සමහරක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

ඒ අනුව,

සයිබිරියාවෙන් ඉතා භයානක වෛරසයක් හමුවෙනු ඇති බවත්  දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ මෙම වෛරසය ලෝකය තුල ව්‍යාප්ත වෙනු ඇති බවත් එහි ප්‍රථිපලය මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන බවට බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

ඉන්දියානු සාගර කලාපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළුව ආසියානු කලාපයට බලපාන ප්‍රබල සුනාමි තත්ත්වයක් සහ භූමිකම්පා තත්ත්වයක් සම්බන්ධයෙන් ද ඇය විසින් අනාවැකි පළකර තිබෙනවා.

මේ අතර  කෘමි උවදුර හේතුවෙන් ඉන්දියාවේ සිදුවන වගා විනාශය සහ උෂ්ණත්ව සෙල්සියස් අංශක 50 ඉක්මවා වාර්තා වනු ඇති බවට ද ඇය අනාවැකි පළකර ඇත.

ලොවපුරා පානිය ජල ගැටළුව උග්‍ර අතට හැරීම, ලෝකයේ බහුතරයක් මනුෂ්‍යයින් සැබෑව නොව අත්‍ය යථාර්ථය තුල ජීවත්වීමට හුරුවීම සම්බන්ධයෙන් ද බාබා වැන්ගා අනාවැකි පළකර තිබෙනවා.

මේ සියල්ලටම අමතරව 2022 වර්ෂයේදී පිටසක්වල ජීවින් විසින් පෘථිවියට ග්‍රාහකයක් උපයෝගී කරගනිමින් පහරදීම ( බාබා වැන්ගා විසින් මෙය හඳුන්වා ඇත්තේ 'Oumuamua' යනුවෙනි) සිදුකරනු ඇති බවටද ඇය සිය අනාවැකි අතර සඳහන් කර ඇත.