Saturday, April 27, 2024

General line - 0115112241

වසර ගණනක් ප්‍රමාදවූ රූපවාහිනිය ඩිජිටල් කිරීම අද ඇරඹේ




ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. 

ඒ, ජපානයේ ජයිකා මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිවයි. 

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ වසර 04ක් තුළ මෙම කටයුතු නිම කිරීම අරමුණ වී ඇති බවයි. 

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීමත්, නාස්තිය පිටුදැකීමත් මෙහි මූලික අරමුණ වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබෙනු ඇති.