Friday, May 3, 2024

General line - 0115112241

ඕස්ට්‍ර්ලියාවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබයි




ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. 

ඒ, අගනුවර පැවැති උද්ඝෝෂණයක් අතරතුර එම උද්ඝෝෂණයට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් විසින්. 

එරට ආදිවාසි ජන කොට්ඨාශයක් විසින් එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. 

කෙසේවෙතත් සිද්ධිය සුළු ගිනි ගැනීම් තත්ත්වයක් බැවින් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. 

ගිනි තැබීමත් සමග ගොඩනැගිල්ල තුළ සිටි කම්කරුවන් පිරිසක් ද කඩිනමින් ඉන් ඉවත් කර තිබුණා. 

කෙසේවෙතත් පැරණි පාර්ලිමේන්තුවේ ඉදිරිපස දොරටුවට පමණක් ගින්නෙන් හානි සිදුව තිබෙනවා. 

ඕස්ට්‍රේලියාවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මේවනවිට කෞතුකාගාරයක් ලෙස භාවිත කෙරෙන අතර එය එරට ජාතික උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා. 

විරෝධතා සමග ඇතිවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඕස්ට්‍රේලියාවේන් වාර්තා වන්නේ කලාතුරකින්. 

කෙසේවෙතත් කොරෝනා වංසගත තත්ත්වයෙන් අනතුරුව එරට පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතාවලදී ඊට සහභාගී වන පිරිස් ඉතා කලහකාරී හා ප්‍රචණ්ඩ අයුරින් හැසිරීම දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.