Friday, May 3, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව ඔමික්‍රෝන් උපරිම අවධානමෙන් බේරෙයි




ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උපරිම අවස්ථාව මේ වන විට තම රට පසුකර ගොස් ඇතැයි දකුණු අප්‍රිකාව පවසනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු බලධාරීන් තීරණය කර ඇත්තේ රාත්‍රී කාලයට බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීමටයි. 

ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරයාමක් පෙන්නුම් කළද මීට පෙර මතුවූ කොවිඩ් ව්‍යාප්තිවල තත්ත්වයන්ට වඩා රෝහල්ගතවීම අඩු බවයි එරට බලධාරීන් පවසන්නේ. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පළමුව හඳුනා ගැණුනේද දකුණු අප්‍රිකාවෙන්. ඉන්පසුව රටවල් රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැනුනා. ව්‍යාප්තිය පාළනය කිරීමට නව සීමා පැනවීමටයි බොහෝ රටවල් මේ වන විටත් කටයුතු කර ඇත්තේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊයේ පැවසුවේ ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද සෞඛ්‍ය පද්ධතිය යටපත් කළ හැකි සුනාමියක් විය හැකි බවයි. එහෙත් වෛරසය හඳුනාගත් දකුණු අප්‍රිකාවම ඊයේ තීරණය කළේ ඔමික්‍රොන් ව්‍යාප්ති යසලකා පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමටයි.