Friday, May 3, 2024

General line - 0115112241

නව වසර පිළිගන්න රටම සැරසේ - රටවල් කිහිපයකට නව වසර උදාවෙයි (VIDEO/PHOTOS)




2022 නව වසර අපට උදාවීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. එහෙත් ලොව ඇතැම් රටවල්වලට මේවනවිටත් 2022 නව වසර උදා වී අවසන්. ඒ අනුව අලුත් අවුරුදු උදාව පළමුවෙන් සැමරුවේ කිරිබටි දූපත් වැසියන්. 

ඊට අමතරව නවසීලන්තය, ෆීජි සහ සොලමන් දූපත්වලට ද මේවනවිටත් 2022 නව වසර උදාවි තිබෙනවා. එසේම රුසියාවේ නැගෙනහිර කලාපයේ ඇතැම් ප්‍රදේශවල වැසියන් ද මීට සුළුවේලාවකට පෙර නව අවුරුදු උදාව සැමරුවා. 

ගිනිකෙළි සංදර්ශන හා නව අවුරුදු සැමරුම් ඔස්සේ එම රටවල වැසියන් 2022 නව වසර උද්යෝගයෙන් යුතුව පිළිගත් බවයි විදෙස් වාර්තා පැවසුවේ.