කි‍්‍රකට් ක‍්‍රීඩකයෙක්, රංගන ශිල්පියෙක් හා නර්තන ශිල්පියෙකු වන අකලංක ගනේගම පිළිබඳව පසුගිය කාලයේ ඉනෝකා සත්‍යංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයත් සමග වඩාත් කතාබහට ලක්වුණා.
ඒ එම චිත්‍රපටය අතරතුර අකලංක සහ උපේක්ෂා ස්වර්ණමාලි අතර ඇතිවූ බව කියන සමීප සම්බන්ධයක් සමගයි.
මේ දෙදෙනාගේ සම්බන්ධය පසුව බිඳී ගිය අතර අවසානයේ සින්ඩරෙල්ලා චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට ද ඉන් බලපෑම් ඇති වුණා.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම දැන් විවාහකයන් වන අතර අකලංක ගනේගමගේ විවාහය ඊයේ (11)ජෙට්වින් බ්ලු හෝටලයේ දි පැවැත්වුණා.
මාලබේ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන සචිනි මහබමුණුගේ අකලංකගේ අතගත් මනාලියයි.
ඇය මීට ටික කලකට ඉහතදී නොර්වේ සිට අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
අකලංක ගනේගමගේ විවාහයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.