Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා සහ අයහපත් කාලගුණය හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන්වලට තවදුරටත් බාධා




කොවිඩ් වසංගත තත්ත්වය හා අධික ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් රැසකට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඊයේ දිනයේදී පමණක් ලොව පුරා ගුවන් ගමන් 4,400 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවයි.

ඉන් 2500 ක් පමණ අමෙරිකාවේ ගුවන් ගමන් වනවා. ඒ අතරින් 1000 ක් පමණ චිකාගෝ නුවර ගුවන් තොටුපළ 02 කින් මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්. පවතින තත්ත්වය හමුවේ එම ගුවන් තොටුපළවල මගීන් රැසක් පීඩාවට පත්ව සිටින බවත් අධික ශීත කාලගුණය හා හිමපතනය හමුවේ එම මගීන් මහත් අපහසුතාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ගුවන් සේවා ආයතනවල කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හා ඇතැම් කාර්යය මණ්ඩල සාමාජිකයින් නිරෝධායනයට යොමු කිරීමත් සමග ගුවන් සමාගම් රැසක් සතියක පමණ කාලයක සිට දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා. 

එසේම හිම පතනයත් සමග රටවල් රැසකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ද ලොව පුරා ගුවන් ගමන් රැසකට බාධා එල්ල වුණා. මෙම කරුණු පදනම් කර ගනිමින් ඉකුත් දෙසැම්බර් 24 වනදා සිට මේ දක්වා අමෙරිකාවේ පමණක් ගුවන් ගමන් 12,000 ක් පමණ අවලංගු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.