Wednesday, May 15, 2024

General line - 0115112241

සහන දෙන්න සල්ලි කෝ? - විපක්ෂය ආණ්ඩුවෙන් අසයි




ජනතාවට සහන ලබාදීමට මේ මොහොතේ මුදල් සොයාගන්නේ කෙසේදැයි විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා. 

සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ සහන දීමට මුදල් අච්චුගැසීම සිදු කළහොත් තවදුරටත් රටේ උද්ධමනය වැඩිවන බවයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ආණ්ඩුව සිදු කළ යුත්තේ විදේශ විනිමය අර්බුදයට කඩිනමින් විසදුමක් ලබාගැනීම බවයි.

කෙසේවෙතත් මෙම සහන ලබාදීමට මුදල් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ පළ කළේ මෙවන් අදහසක්.