Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලංගමට බස් 500 ක් මිලදී ගැනීමට අනුමැතිය




ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 ත්, 35 ත් වන නව බස්රථ 500 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව ඉන්දීය වාහන නිෂ්පාදන සමාගමක් වෙත ඊට අදාළ ප්‍රසම්පාදනය ප්‍රධානය කිරීමටයි නියමිතව ඇත්තේ. 

මේ අතර ජීවිත අවධානම් තත්ත්වයන් සහිත රෝගවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඖෂධ වර්ග 02 ක් ඉන්දිය සමාගම් හරහා මිලදී ගැනීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.