Thursday, May 16, 2024

General line - 0115112241

මේ වසරේ රැකියා සඳහා කොරියාව බලායන පළමු කණ්ඩායම අද පිටත්වේ




ධීවර හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ දකුණු කොරියාව බලා පිටත්ව යන ප්‍රථම කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 

ඒ, ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ඹඛ 470 දරණ ගුවන් යානයෙන්. 

මේ සඳහා ශ්‍රමිකයින් 89 දෙනෙකු අයත්. දකුණු කොරියාවේ සේවය කර ශ්‍රි ලංකාවට පැමිණ නැවත කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 48 දෙනෙක්, කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට රැකියා සඳහා පිටත්වයන 41 දෙනෙක් ද එම කණ්ඩායමට අයත් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.