Tuesday, May 14, 2024

General line - 0115112241

නෙත් අනාවරණය පළ දරයි - සංවේදී කළාපයේ වැලි කැණීම්වලට අවසරදීම ගැන පරීක්ෂණයක්




නෙත් නිවුස් ඊයේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණය කළ ත්‍රීකුණාමල සාෆිනගර් ගංඟා රක්ෂිතයේ, මහවැලි ගඟේ සංවේදී කලාපයේ වැලි කැණීමකට ලබාදුන් අවසරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා. 

එහි සභාපති අනුර වල්පොළ පැවසුවේ නෙත් නිවුස් මෙම සිද්ධිය අනාවරණය කරන තුරු තමන්ද ඒ පිළිබඳ දැන නොසිටි බවයි. ඒ අනුව මෙලෙස මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් මුවාවෙන් වැලි කැණීමකට අවසර ලබාදීමක් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

මෙම වැලි කැණීම් සඳහා අවසර ලබා දී ඇත්තේ පරිසර තක්සේරු වාර්තාවක් හෝ ලබාගෙන නොමැතිව බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් පැවසුවේ. මෙලෙස වැලි කැණීම් සඳහා අවසරදී ඇති සාෆිනගර් ප්‍රදේශයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මෙලෙස අදහස් පළ කළා.


ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය හරහා ගලා බසින මහවැලි ගඟේ සෑම මීටර් 17කටම වැලි කැණීම් සඳහා මේවනවිට එක බලපත්‍රයක් බැඟින් ලබාදී ඇති බවයි නෙත් නිවුස් අනාවරණ කළේ. එම කිසිඳු බලපත්‍රයක් ලබාදී ඇත්තේ පාරිසරික තක්සේරු වාර්තාවක් ලබාගෙන නොවන බව ද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් පැවසුවා. මේ දක්වා පමණක් එලෙස නිකුත් කර ඇති වැලි බලපත්‍ර සංඛ්‍යාව 1,301 ක්.

නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ සාෆිනගර් ප්‍රදේශයේ මිරිස් වගාවක් සඳහා අවසර ඉල්ලා තිබු බවයි. දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, ප්‍රාදේශීය ලේකම් හා වාරි මාර්ග මෙන්ම පුරාවිද්‍යා බලධාරීන් ද මිරිස් වගා ව්‍යාපෘතියට භූමිය ලබාදීම සඳහා නිර්දේශ ලබාදී ඇති බවද පරිසර අමාත්‍යාංශය පැවසුවා.