Tuesday, May 7, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා ඕස්ට්‍රේලියාව අර්බුදයක




ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඔස්ට්‍රේලියාව මේවනවිට දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ඕස්ට්‍රේලියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති බවයි. 

ඒ අනුව අද දිනයේදී ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් 64, 735 දෙනෙකු වාර්තා වුණා. අද දිනයේදී එරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 19 ක්. 

මෙම වාර්තාගත දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවත් සමග ඕස්ට්‍රේලියාව ලොව කොරෝනා වෛරසයේ පැතිරීම අනුව රටවල් පෙළගස්වා ඇති ලැයිස්තුවේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊයේ එම රටවල් ලැයිස්තුවේ 65 වන ස්ථානයේ පසුවූ ඕස්ට්‍රේලියාව මේවනවිට පසුවන්නේ 61 වන ස්ථානයේයි. 

ඕස්ට්‍රේලියාවෙන් මේවනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන හය ලක්ෂ 12, 388 ක්.