Sunday, May 19, 2024

General line - 0115112241

වේගවත් පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි 




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 

ඊට අදාළ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ. 

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ගැටළුවක් හේතුවෙන් ඔහු එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 

සිම්බාබ්වේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයේ අවසන් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මීට පෙර ක්‍රීඩකයින් සදහා කිලෝමීටර් 2ක දුරක් දිවීමට විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් ලබා දී තිබුණා. 

එය තත්පර 25කින් අඩු කර ඇති අතර ඒ අනුව සියලු ක්‍රීඩකයින් විනාඩි 8 යි තත්පර 10කින් මෙවර එම අභියෝගය ජයගත යුතුයි. 

එම ශරීර යෝග්‍යතා පරීක්ෂණයේ කාලය පිළිබඳ ගැටළුවක් හේතුවෙන් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.