Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති දළඳා සමිදුන් වැද පුදා ගනී




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික  ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළදා සමිදුන් වැද පුදාගත්තා. 

දියවඩන නිලමේ නිලංග දැල විසින් දළඳා මාළිගාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතාබහක නිරත වී තිබෙනවා. 

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.