Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොවිඩ් ආසාදනය වෙයි




රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. 

පෞද්ගලික විදෙස් සංචාරයක නිරතවන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හටද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.