Sunday, May 19, 2024

General line - 0115112241

කල්පිරෙන බැදුම්කරයකට ඩොලර් මිලියන 500 ක් වෙන් කළ බවට මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්




ලබන 18 වනදාට කල් පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර සදහා අවශ්‍ය විදේශ විනිමය වෙන්කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. 

ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ණය පියවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සංවිධානාත්මකව සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් පිළිබද කණගාටුවට පත්වන බවද මහ බැංකු අධිපතිවරයා සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.