Sunday, May 19, 2024

General line - 0115112241

මෙරට සියලු ජනතාවට සහන සැලසීමට කළ යුතු දේ මන්ත්‍රී ඉරාන් කියයි 




රජයේ සේවකයන්ට සහ තෝරාගත් පිරිසකට පමණක් සහනාධාර ලබාදීමෙන් ජීවන වියදම පිළිබද ගැටළුවට විසදුම් ලබාදිය නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා. 

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මෙරට සියලු ජනතාවට සහන සැලසීමට නම් භාණ්ඩ මිල පාලනය කළයුතු බවයි.

සිය රජයක් යටතේ ඩොලරයේ අගය වෙළදපොලේ සැබෑ වටිනාකමට සමාන මට්ටමකට ගෙන එන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එහිදී සදහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. සමගි ජන බලවේග රජයක් යටතේ මෙරට ආර්ථිකය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද මන්ත්‍රීවරයා එහිදී කරුණු දැක්වූයේ මෙලෙසයි.