Sunday, May 19, 2024

General line - 0115112241

මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක්




පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් ස්ථාපිත කරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. 

පසුගිය වසරේදී වැවිලි ක්‍ෂේත්‍රයේ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ඉපැයීමට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.  

වැවිලි අමාත්‍යාංශය මෙම වසරේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබද දැනුවත් කිරීම සදහා එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.